Internet explorer විසිකරලා අලුත් විදියට පටන් ගමු- Microsoft තුලින් බිහිවූ සුපිරිම බ්‍රවුසරය

පරිගණක අරණ 2017



මයික්‍රෝසොෆ්ට් ආයතනයේ windows මෙහෙයුම් පද්ධතිය සමග ආ වෙබ් බ්‍රවුසරය තමා Internet explorer කියන්නේ. අපි දන්න තරමට Internet explorer කියන්නේ මෙලෝරහක් නැති බ්‍රවුසර් එකක්. ඒත් 2015 දී ආපු වින්ඩෝස් 10 එක්ක මේක වෙනස්වෙලා. ඒ කියන්නේ වින්ඩෝස් xp,7 & 8 වල ආපු Internet explorer  වින්ඩෝස් 10 වලදී ඉවත්කර තිබෙනවා. මේකට හේතුව වෙන්න ඇත්තේ අවසාන වින්ඩෝස් සංස්කරනය 10 වීම වෙන්න ඇති.




ඒ අනුව අලුතින් එන [වින්ඩෝස් 10 තියන] pc වල නිතැතින්ම default browser එක අලුත් වෙලා තියෙනවා. ඒ බ්‍රවුසර් එක තමා Microsoft spartan web browser . කලින් තිබුනු Internet explorer  එක්ක බලන කොට මේක සුපිරිම බ්‍රව්සර් එකක් . ඉතින් මේ බ්‍රවුසර් එකේ නොමිලේ දෙන සංස්කරනය මෙතන ක්ලික් කලාම ලැබෙන මයික්‍රොසොෆ්ට් නිල පිටුවෙන් ලබාගන්න පුලුවන්.


Spartan web browser



මෙය නවීන පෙනුමැති බ්‍රවුසරයකි. එහි ප්‍රධාන ටැබ් එකට දකුනුපසින් ඇති + ලකුණ ක්ලික් කල විට අලුත් ටැබ් එකක් ලබාගත හැක. මෙහිද සාමාන්‍ය ආකාරයට ඇඩ්‍රස්බාර් එක තුල ටයිප්කර සර්ච් කල හැක. මෙය ඇත්ත වශයෙන්ම Google Chrome බ්‍රවුසරයට ආසන්න සමානකමක් දක්වයි.


Spartan web browser එකේ අලුත් වැඩ….



  • Reading list සැකසීමට හැකිවීම.
  • Web notes  තැබීමට හැකිවීම.
  • Startup with සැකසුම.
  • Use this search engine when searching from the address bar සැකසුම.
  • Privacy මගින් දත්ත ඉවත් කිරීමේ සැකසුම.
  • Block pop- ups ඇඩ් බ්ලොක් කිරීමේ සැකසුම.
  • Cookies ඇතිවීම  වලක්වන සැකසුම.

Comments