VLC Media Player-එකේ සිංහල Subtitle දෝශය සකස් කරමු.

පරිගණක අරණ 2017

VLC Media Player එක ඇත්තටම කිවුවොත් ගොඩක් හොද ප්ලෙයර් එකක්……..පොඩි අවුල් ටිකක් නැතිවුණානම්:) . ඒවගේ අවුලක් විසදගන්න විදිය අද ඔයාලට කියලා දෙනවා. ඕගොල්ලෝ ගොඩක් කැමතීනේ ෆිල්ම් බලන්න. එතකොට අපිට සමහර වෙලාවට Subtitles ඕනි වෙනවා. ඉතින් VLC Media Player  එකෙන් බලනවනම් පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල අකුරු නොපෙන්වීම. ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් අපිට. ඒත් අපිට ඒ අවුල ඉක්මනින් විසදගන්න පුලුවන්.


අපිට සාමාන්‍යයෙන් VLC Media Player එකේ සිංහල පෙන්නන්නේ කොටු විදියට…පල්ලෙහා බලන්න.

අපිට විසදගන්න ඕනි මේ අවුල තමා. අපි බලමු කොහොමද කියලා. අපි යන්නේ පොඩි Setting එකක් වෙනස් කරන්න…:)

  • පලවෙනියටම VLC  එක ඕපන් කරගන්න.

  • ඊලගට Tools > Preferences යන්න.(රූපය බලන්න- පේන්නෙ නැත්නම් ඒක උඩ ක්ලික් කරන්න)


  • ඊලගට එන මෙනුවේ යටම තියනවා Show settings කියලා ඔප්ෂන් එකක්. ඒකේ Simple කියන එක All කරන්න.

  • ඊලගට වම් පැත්තෙන් දිගට එන මෙනුවේ යටම තියනවා Video කියන එක යටතේ Subtitle/OSD කියලා එකක්.ඒක ක්ලික් කරන්න.


  • දැන් ආපහු Show settings  එක Simple කරන්න.
  • එතකොට උඩම මේන් මෙනුවට ඇවිල්ලා තියනවා Subtitle/OSD කියන එක.


  • දැන් ඒ Subtitle/OSD එක ක්ලික් කරන්න.
  • ඊට පස්සේ ඒ මෙනුවේ තියන Default encoding කියන එක Universal(UTF-8) විදියට වෙනස් කරන්න.ඊට පස්සේ Font එක Iskola potha විදියට Change කරන්න.


  • Save කරන්න.
  • දැන් VLC  එක Close කරලා ආයි ඕපන් කරන්න. දැන් ෆිල්ම් එකයි Sub එකයි ප්ලේ කරන්න.



  • කොහොමද වැඩේ ගොඩ නේ……

Comments