පරිගණක අරණ 2017
SmileSmile

you tube videos ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක්  ගැන මීට කලින් පෝස්ට් එකක් දාලා තිබුනා. ඒක බලපු නැති අය ඒක මෙතනින් බලන්න. ඒත් ඒ මෘදුකාංගයෙන් අපිට පුලුවන් උනෙ යූ ටියුබ් වීඩියෝ බාගන්න සහ වීඩියෝ කන්වර්ට් කරන්න විතරයිනේ. ඒත් අද මම කියන්න යන මෘදුකාංගය මගින් යූ ටියුබ් වීඩියෝ බානවා ඇරුනාම තවත් වැඩ ගොඩක් කරගන්න පුලුවන් මෘදුකාංගයක්. මේකත් ගොඩක් සොෆ්ට්වෙයාස් වගේම නොමිලේ දෙන මෘදුකාංගයක්. හොඳයි එහෙමනම් මෘදුකාංගය ගැන බලමු.

මෘදුකාංගයේ නම තමයි a tube catcher. මේක ඒ නමින් නම් කරලා තියෙන්නේ මේකේ මූලිකත්වය අරන් තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හින්දා. 


පලවෙනියටම සොෆ්ට්වෙයා එක පහලින් ගන්න...!!!(රූපය මත ක්ලික් කරන්න)



පහලින් තියෙන පින්තූරයෙන් පේන්නේ මේ මෘදුකාංගයෙන් අපිට කරගන්න පුලුවන් වැඩ ගැන. පහලින් ඒවා ගැන වෙන වෙනම හඳුන්වලා දීලා තියෙනවා.




1. Download Videos

මේ ඔප්ශන් එක මඟින් අපිට පුලුවන් you tube videos බාගන්න. කරන්න තියෙන්නේ අදාල වීඩියෝ එක මත රයිට් ක්ලික් කරලා copy url ක්ලික් කරලා software එකේ download videos වල තියෙන paste url කියන තැන පේස්ට් කරන්න. ඊට පස්සේ අවශ්‍ය quality  එක තෝරලා දීලා download click කරන්න. ඊට පස්සේ ලැබෙන මෙනුවෙන් අවශ්‍ය video size එක (E.g-50mb,10mb…)තෝරලා දෙන්න. එතකොට වීඩියෝව ඩවුන්ලෝඩ් වේවි.


2. Video Converter

මේකෙන් අපිට පුලුවන් මීඩියා ෆයිල් එකක් විවිධ ෆෝමැට් වර්ග 40 කට විතර Converter කරන්න පුලුවන්. (E.g- mp4,3gp,mp3,gif,mpg,flv…)


3. Screen Capture

මේ ඔප්ශන් එකෙන් පුලුවන් පරිගනකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න(wmv.mp4 foramats) ඒ හින්දා මේක සුපිරි ස්ක්‍රීන් රෙකෝඩරයක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්. අවශ්‍ය සීමාව ලකුනු කර දීමෙන් පස්සේ රෙකෝඩ් කරන්න පුලුවන්.


4. DVD, Blue ray, CD burner

මේ මෘදුකාංගයේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි DVD, Blue ray, CD burner එක. ඒකෙන් අපිට අවශ්‍ය DVD , CD වගේම Blue ray ත් රයිට් කරන්න පුලුවන්.


5. Audio Recorder

අවසන් අංගය තමයි Audio Recorder. මේ මඟින් පරිගනකයේ Speakers වලින් පිටවෙන ඕනිම හඬක් mp3,wma,wave යන ෆෝමැට් වලට රෙකෝඩ් කරන්න පුලුවන්.





හරි එහෙමනම් මෘදුකාංගය ගැන හැම දේම කිව්වා. ඉන්ස්ටෝල් කරලම බලන්න කොහොමද කියලා… කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා… එහෙනම් ජයවේවා!!

Comments