- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
RED PLANET [2000]
sinhala sub
download copy
සුබ දවසක් වේවා අපේ චිත්‍රපට රසිකයින්ට.ටික දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියක් අරන් ආවා.මේක 2000 වසරට අයත් සුපිරිම චිත්‍රපටියක්. මං එහෙම කිව්වේ මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නේ 2000 වර්ෂයේ වුනාට,මේ ෆිල්ම් එකට යොදාගෙන තියෙන තාක්ෂණය නම් කියලා වැඩක් නෑ.මේ ෆිල්ම් එකේ නම තමා Red planet නැත්තම් රතු ග්‍රහලොව නැත්තම් අඟහරු ග්‍රහයා ඔය මොකක්හරි...එහෙනම් ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක් බලමු,
- තිරගත වූ දිනය -2000.11.10
- අධ්‍යක්ෂවරයා -Antony hoffman
- නළුනිළියන් -Carrie Anne moss,Vak kilmer, Tom sizemore,Benjamin bratt,Simon baker...
- ධාවනකාලය -පැය 1 මිනිත්තු 46
කතාව ගැන...
IMDB අගය 5.7/10 ගන්නා මෙම චිත්‍රපටියේ ස්වරූපය නම බලපුවාම හිතාගන්න පුලුවන් වෙයි.ඔව් මේ අඟහරු ලෝකෙට යන ගමනක් තමා.මේ ෆිල්ම් එක මමත් කීපවතාවක් රූපවාහිනියෙන් දැකලා තිබුනත් පුදුමයක් වුනේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් නිකුත් නොවීමයි.එහෙනම් ඔන්න අවුරුදු 17 කට පස්සේ subz.lk වෙබ් අඩවියෙන් මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් නිර්මාණය වුනා.
හොඳයි කතාව මෙහෙමයි- ෆිල්ම් එකේ හැටියට ඒ වර්ෂ 2025.මේ වෙනකොට පෘථිවියේ ජීවත්වෙන්න පුලුවන් තත්වය අඩුවෙමිනුයි යන්නේ.ඒ කියන්නේ පෘථිවිය තුල ඔක්සිජන් වායුව නැතිවෙනවා.ඒ නිසා මිනිස්සු තීරණය කරනවා තමන්ට අලුත් නිවහනක් හොයන්න.ඒ තමා අඟහරු.ඉතින් මේගොල්ලෝ පලවෙනියටම කරන්න හදන්නේ අඟහරු ලෝකය මත ඔක්සිජන් වායුව නිපදවන්න.ඒ හින්දා පලමුවෙන්ම මේගොල්ලෝ කරන්නේ අඟහරු ලෝකෙට ඇල්ගී ශාක HAB කියන යානයෙන් යවනවා.ඒ ඇල්ගී නිසා ඔක්සිජන් ඇතිවේවි කියන බලාපොරොත්තුවෙන්.ටික කාලෙකට පස්සේ ඒ බව හොයලා බලන්න විද්‍යාඥයන් පිරිසක් දින ගනක් ගෙවා ගෙන අඟහරු ලෝකෙට යනවා.ඒත් අඟහරු ලෝකේ ආසන්නයට ගියාට පස්සේ ඒගොල්ලෝ හීනෙකින් වත් නොහිතපු දේකට තමා මුහුනදෙන්නේ.එතනින් පස්සේ තමා ඒගොල්ලන්ට තවත් අභියෝගයන්ට මුනදෙන්න සිදුවෙන්නේ....අපොයි මෙහෙම ගියොත් මුලු කතාවම කියන්න වේවි.ඒ හින්දා මං මෙහෙම කියන්නම්කෝ කණ්ඩායමේ 6 දෙනෙක් ගියාට අවසානයේ එන්න ලැබෙන්නේ දෙන්නෙක්ට විතරයි.
හොඳයි එහෙනම්,මේකත් කියන්න ඕනි මේ ෆිල්ම් එක කලින් බලපු අයත් ඇති.ඇත්තෙන්ම මේ සුපිරිම චිත්‍රපටියක්,ඉතින් මේ වගේ සිංහල උපසිරැසි පිට නොවුනු තවත් සුපිරි චිත්‍රපටි තියෙනවනම් ඒ බවත් දැනුවත්කරන්න කියලා මතක් කරනවා.ඒවගේම මේක මගේ 21 වෙනි උපසිරැසි ගැන්වීම.ඉතින් ඒකෙත් ගුණදොස් දැනගන්න කැමතියි.එහෙනම් ඔන්න මම ගියා.ඔබට ජය!
Comments
Post a Comment