The tick (2017)season 1- සිංහල උපසිරැසි සහිතව

පරිගණක අරණ 2017




මේ ටීවී සීරීස් එකේ නම තමා 'ද ටික්' (The tick).2016 හා 2017 වසර වල තමා මේක විකාශය කරලා තියෙන්නේ,ක්‍රියාදාම හා හාස්‍ය යන මාතෘකාව ඔස්සේ නිර්මාණය කරලා තියෙන මේ සීරිස් එකත් සුපිරී වීරයෝ සම්බන්ධ කතාවක්.සාමාන්‍යයෙන් සුපිරි වීරයෝ කිව්වාම අපිට මතක්වෙන්නේ මාවල් හා ඩී.සී කියන ආයතන.හැබැයි මේ සීරිස් එක අයිති මේ කාටවත් නෙවේ.මේක නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකාවේ Amazon ආයතනය...ඉතින් මේකෙදි අපිට හමුවෙන වීරයා තමා ටික් කියන්නේ.ඉංග්‍රීසි වලින් ටික් කියන්නේ ඔය කිනිතුල්ලෙක් වගේ පොඩි සතෙකුටනේ.ඉතින් නමේ හැටියටම අදාල චරිතයත් නිර්මාණය කරලා තියෙනවා.ඉතින් තවත් පොඩි විස්තර ටිකක් බලමු,

  • නිෂ්පාදනය -Ben Edlund 
  • නළු නිලියන් -Peter Serafinowicz,Griffin Newman,Valorie Curry...
  • වර්ගීකරණය -Action & Comedy 

පලවෙනි කොටසින්...

පලවෙනි කොටස ගැන කිව්වොත්,මාත් තවම බලලා තියෙන්නේ එක එපියක් විතරයි... මේ කතාවෙ හම්බවෙන සතුරා තමා ටෙරර් කියන,මනුෂ්‍යයෙක් නොවන කෙනා...මේ නඟරේ හිටපු හොඳම වීරයා තමයි සුපීරියන් කියන්නේ.සුපිරියන් අවුරුදු 10ක් එක දිගට ටෙරර් එක්ක සටන් කරලා තියෙනවා.කොහොම හරි අවසන් සටනින් පස්සේ ටෙරර් ගැන ආරංචියක් නෑ...හැමෝම හිතාගෙන ඉන්නේ ටෙරර් මැරුණා කියලා.ඒත් ඒක එහෙම නෙවේ,ටෙරර් ආයිමත් හිමීට එයාගේ නරක වැඩ පටන් අරන්,මේ කතාවේ එන තවත් චරිතයක් තමයි ආතර් කියන්නේ.ආතර් පොඩි කාලෙදි ටෙරර් අතින් ආතර්ගේ තාත්තා මැරෙනවා.ඉතින් ඒකෙන් ගොඩක් ටෙරර් එක්ක තරහින් ඉන්න ආතර් උත්සහ කරන්නේ ටෙරර් තවමත් ජීවතුන් අතර කියල ඔප්පු කරන්න.ඒ හින්දා ආතර් ටෙරර්ගේ රහස් වැඩ ගැන ඔත්තු බලන්න යනවා.ඒ වෙලාවෙදී තමයි ආතර්ට මේ කතාවේ වීරයා වන ටික්ව හමුවෙන්නේ.ඉතින් ටික්,ආතර් දෙන්නා හොඳ කණ්ඩායමක් වෙනවා....

ඔන්න ඔය විදියට තමයි පලමු කොටසින් සිද්ධවෙන්නේ.මං මෙහෙම කිව්වට මුකුත් නොතේරෙයි,ඒ හින්දා අනිවාර්යෙන්ම මේක බලන්න.කතාව ගැන දල අදහසක් විතරයි මම ඒ දුන්නේ.ඉතින් ඉතුරු කොටස් 5ටත් ඉක්මනින්ම සබ් එක ගේන්නම්.ඔයාලම බලලා තීරණය කරන්න.එහෙනම් මං ගියා,ඊලඟ එපියෙන් හමුවෙමු,ජය!

පහලින් පිටපත් බාගන්න....

(125MB - 233MB  අතර පිටපත් වේ)

  1.  The tick s.1.e.1

  2.  The tick s.1.e.2

  3.  The tick s.1.e.3

  4.  The tick s.1.e.4

  5.  The tick s.1.e.5

  6.  The tick s.1.e.6

 සිංහල උපසිරැසි මෙතනින් ගන්න...





Comments